Official Project Proposal
නිල ව්‍යාපෘති යෝජනාව

Samadhi Eco Village

සමාධි පරිසර ගම්මානය

A transformative journey into Sri Lankan heritage, spiritual wellness, and sustainable tourism at Mahathenne, Kandy.
මහනුවර, මහතැන්න කේන්ද්‍ර කරගත් දේශීය උරුමය, ආධ්‍යාත්මික සුවය සහ තිරසර සංචාරක කර්මාන්තය මුසු වූ පෙරළිකාර ව්‍යාපෘතියකි.
Proposed By: Sarananda Thero
Samadhi Senasuna
ව්‍යාපෘති යෝජක: සරණානන්ද හිමි
සමාධි සෙනසුන

Core Philosophy & The Master Concept

මූලික දර්ශනය සහ ප්‍රධාන සංකල්පය

This project is not merely a tourist destination; it is a living exhibition of mindfulness and heritage. The local Temple serves as the spiritual and conceptual model for our way of life. The Eco Village is the actual, physical implementation where foreign and local tourists can immerse themselves in these values firsthand through authentic Homestay accommodations. It bridges the gap between ancient Buddhist philosophy and modern sustainable living.

මෙම ව්‍යාපෘතිය හුදෙක් සංචාරක ගමනාන්තයක් පමණක් නොවේ; එය සිහිය සහ උරුමය පිළිබඳ ජීවමාන ප්‍රදර්ශනයකි. ප්‍රදේශයේ විහාරස්ථානය අපගේ ජීවන රටාවේ ආධ්‍යාත්මික හා ආදර්ශන ආකෘතිය ලෙස ක්‍රියා කරයි. පරිසර ගම්මානය යනු දේශීය හා විදේශීය සංචාරකයින්ට හෝම්ස්ටේ (Homestay) නවාතැන් හරහා එම සාරධර්ම ප්‍රායෝගිකව අත්විඳිය හැකි සැබෑ ජීවමාන අත්දැකීමයි. එය පුරාණ බෞද්ධ දර්ශනය සහ නවීන තිරසර ජීවන රටාව අතර පාලමක් නිර්මාණය කරයි.

The 5-Day Immersive Journey

දින 5ක සංචාරක අත්දැකීම

A carefully curated itinerary designed to connect visitors with nature, culture, and spirituality.

සොබාදහම, සංස්කෘතිය සහ ආධ්‍යාත්මිකත්වය සමඟ සංචාරකයින් බද්ධ කරන මනා ලෙස සැලසුම් කළ ගමන් විස්තරයක්.

Day 1

දින 1

Spiritual Awakening

ආධ්‍යාත්මික පිබිදීම

Visit the Temple of the Sacred Tooth Relic (Sri Dalada Maligawa) to understand the heart of Sri Lankan culture.

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ හදවත අවබෝධ කර ගැනීම සඳහා ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීම.

Day 2 - 3

දින 2 - 3

Nature Connection

සොබාදහම හා බැඳීම

Camping and guided hiking expeditions within the lush biodiversity of the Gannoruwa Forest Reserve.

ගන්නෝරුව රක්ෂිතයේ ජෛව විවිධත්වය මැද කඳවුරු බැඳීම සහ මඟපෙන්වීම යටතේ කඳු නැගීම.

Day 4

දින 4

Adrenaline & Flow

ජවය සහ වික්‍රමය

Thrilling river adventures and White Water Rafting, balancing quiet contemplation with physical excitement.

නිහඬ භාවනාවන්, ශාරීරික උද්යෝගය සමඟ සමතුලිත කරන වයිට් වෝටර් රාෆ්ටිං ඇතුළු ගඟ ආශ්‍රිත ක්‍රියාකාරකම්.

Day 5

දින 5

Village Immersion

ගම්මාන අත්දැකීම

A full village tour featuring breathtaking viewpoints and deep, hands-on cultural experiences at Samadhi Eco Village.

දර්ශනීය ස්ථාන නැරඹීම සහ සමාධි පරිසර ගම්මානය තුළ ගැඹුරු සංස්කෘතික අත්දැකීම් සහිත සම්පූර්ණ ගම්මාන චාරිකාව.

Village Infrastructure & Strategic Purpose

ගම්මානයේ ආකෘතිය සහ ක්‍රමෝපායික අරමුණ

Every element built within the Samadhi Eco Village is designed with a profound purpose to educate, inspire, and sustain.

සමාධි පරිසර ගම්මානය තුළ ගොඩනගා ඇති සෑම අංගයක්ම අධ්‍යාපනය, ආශ්වාදය සහ තිරසර බව අරමුණු කරගනිමින් නිර්මාණය කර ඇත.

The Grand Arrival: Bullock Cart & Welcome

සංචාරකයින් පිළිගැනීම: ගොන් කරත්ත චාරිකාව

From the ticket counter at Mahathenne, guests are transported to the reception via a traditional bullock cart while being serenaded with 'Karaththa Kavi' (traditional folk carter songs). At the reception, a fresh, organic local drink is served.

මහතැන්න ප්‍රවේශපත්‍ර කවුළුවේ සිට පාරම්පරික 'කරත්ත කවි' ගායනා සමඟින් ගොන් කරත්තයකින් සංචාරකයින් පිළිගැනීමේ කුටිය වෙත රැගෙන යනු ලැබේ. එහිදී දේශීය නැවුම් පානයකින් ඔවුනට සංග්‍රහ කෙරේ.

Project Purpose: This intentionally slows down the visitor, shifting their mindset from the fast-paced modern world to the tranquil, ancient rhythm of the village. It sets the psychological stage for mindfulness. ව්‍යාපෘතියේ අරමුණ: වේගවත් නවීන ලෝකයේ සිට ගම්මානයේ සන්සුන්, පැරණි රිද්මය වෙත සංචාරකයාගේ මනස හුරු කිරීම මෙහි අරමුණයි. එය ඔවුන්ට මානසික සුවයක් ගෙන දීමට මූලික පදනම සකසයි.

The 'Kamatha' (Traditional Amphitheater)

කමත සහ සැඳෑ ප්‍රසංග

A dedicated open area near the temple where village performers showcase traditional dramas, dances, and cultural rituals in the evening.

පරිසරයේ සුන්දරත්වය විඳිමින්ම විවෘත වේදිකාවක ගැමි නාට්‍ය, සංකෘතික අංග රඟ දැක්වෙන විශේෂ පරිශ්‍රයකි.

Project Purpose: Historically, the 'Kamatha' was the sacred threshing floor of the paddy field, revered by the farmer. At Samadhi Eco Village, it serves as an open-air amphitheater reflecting rustic charm, allowing foreigners to experience the vibrant culture of ancient Sri Lankan villages under the open sky while providing local artists an international stage. ව්‍යාපෘතියේ අරමුණ: කමත සාම්ප්‍රදායික කුඹුරක අස්වැන්න කැපීම සහ සැකසීම සඳහා වූ අතර එය ගොවියා විසින් සාම්ප්‍රදාය උත්කර්ශයට නැංවීමට මෙන්ම පූජනීයත්වයෙන් සලකන ලදි. සමාධි හරිත සංචාරක ගම්මානයේ පංසල අසල ඉදිවන කමත එය සිහිගන්වමින් ගැමි සුන්දරත්වය ලෝකයට කියන වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.

Culinary Tourism: 5 Open Traditional Kitchens

සූපශාස්ත්‍ර උරුමය: විවෘත මුළුතැන්ගෙවල් 5

Five fully functional open-air traditional kitchens where tourists can learn to prepare authentic Sri Lankan meals alongside village locals and subsequently dine on their creations.

සංචාරකයින්ට දේශීය ආහාර පිසීමට ඉගෙනීමට, ගම්වාසීන් සමඟ එක්ව ආහාර පිසීමට සහ රස බැලීමට හැකි විවෘත සාම්ප්‍රදායික මුළුතැන්ගෙවල් 5ක්.

Project Purpose: Gastronomy is the heart of culture. Instead of passive dining, this creates an interactive culinary tourism experience, fostering deep cultural connections and mutual respect between tourists and villagers. ව්‍යාපෘතියේ අරමුණ: ආහාර යනු සංස්කෘතියේ හදවතයි. හුදෙක් ආහාර අනුභවය වෙනුවට, සංචාරකයින්ට ප්‍රායෝගිකව එයට සම්බන්ධ වීමට ඉඩ දීමෙන් ගම්වාසීන් සහ ඔවුන් අතර ගැඹුරු සංස්කෘතික බැඳීමක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි.

Heritage Workshops (Kamhala, Sekkuwa & Handloom)

පාරම්පරික කර්මාන්ත (කම්මල, සෙක්කුව සහ අත්කම්)

The village houses functioning historical industries: A 'Kamhala' (blacksmith) forging knives, a 'Sekkuwa' extracting coconut oil, 'Redi Wiyana Yanthra' (handloom machines), and 'Kurundu Thaleema' (cinnamon peeling).

යකඩ නිෂ්පාදනය කරන පාරම්පරික කම්මලක්, පොල් තෙල් සිඳින සෙක්කුවක්, රෙදි වියන යන්ත්‍ර සහ ලෝක ප්‍රකට ලංකා කුරුඳු තැලීමේ ක්‍රියාවලිය දැකබලා ගත හැකි ස්ථාන.

Project Purpose: To preserve dying indigenous arts and showcase Sri Lanka's historical mastery of zero-carbon, sustainable micro-industries. It empowers local artisans financially while providing a living museum for global visitors. ව්‍යාපෘතියේ අරමුණ: වඳවී යන දේශීය කර්මාන්ත සුරැකීම සහ ශ්‍රී ලංකාවේ ඓතිහාසික, පරිසර හිතකාමී කර්මාන්ත ලෝකයට ප්‍රදර්ශනය කිරීම. මෙය දේශීය ශිල්පීන් ආර්ථික වශයෙන් සවිබල ගන්වන අතරම සංචාරකයින්ට ජීවමාන කෞතුකාගාරයක් සපයයි.

Spiritual Wellness: Meditation Cabanas & Hela Wedakama

ආධ්‍යාත්මික සුවය: භාවනා කුටි සහ හෙළ වෙදකම

Exclusive meditation cabanas within the serene temple environment (available via booking) for overnight stays, paired with an indigenous Ayurvedic center (Hela Wedakama) and an herbal garden (Osu Uyana).

විහාරස්ථාන පරිශ්‍රයේ පිහිටි, ආධ්‍යාත්මික සුවය පතන්නන් සඳහා වූ භාවනා කුටි සහ දේශීය ආයුර්වේද ප්‍රතිකාර (හෙළ වෙදකම) ලබා දෙන පාරම්පරික ඔසු උයන.

Project Purpose: Catering to the growing global demand for wellness tourism. This offers a true sanctuary for mental peace, utilizing the deeply rooted Buddhist meditation practices and ancient, nature-based healing wisdom of Sri Lanka. ව්‍යාපෘතියේ අරමුණ: ගෝලීය වශයෙන් වර්ධනය වන සුවතා සංචාරක (Wellness Tourism) ඉල්ලුමට සරිලන පරිදි, ශ්‍රී ලංකාවේ බෞද්ධ භාවනා ක්‍රම සහ පුරාණ ස්වභාවික සුවකිරීමේ කලාව යොදාගනිමින් මානසික නිදහස සහ සෞඛ්‍යය ලබා දීමයි.

Village Economy: Tea Viewpoint, Farm & Shops

ග්‍රාමීය ආර්ථිකය: තේ කලාපය, ගොවිපළ සහ වෙළඳසැල්

A scenic viewpoint overlooking a model tea plantation where tourists can relax, drink traditional tea, and buy local crafts. The village also features a working dairy farm (Kiri Govipola), a paddy field, and export-quality spice gardens.

විහාරස්ථාන දර්ශන පථය අසල ඇති ආදර්ශ තේ වත්ත, ගැමි වෙළඳසැල, නැවුම් කිරි ගොවිපළ සහ වී ගොවිතැන ඇතුළත් කෘෂිකාර්මික කලාපය.

Project Purpose: To create a self-sustaining, circular micro-economy. By demonstrating organic farming and selling direct-to-consumer goods, the project ensures financial independence for the village community and guarantees investors a sustainable, profitable eco-system. ව්‍යාපෘතියේ අරමුණ: ස්වයංපෝෂිත ග්‍රාමීය ආර්ථිකයක් නිර්මාණය කිරීම. කාබනික ගොවිතැන ප්‍රදර්ශනය කිරීම සහ දේශීය නිෂ්පාදන සෘජුවම අලෙවි කිරීම හරහා ගම්මානයේ ප්‍රජාවට මූල්‍ය ස්වාධීනත්වය සහ ආයෝජකයින්ට තිරසර ලාභදායී පරිසර පද්ධතියක් සහතික කිරීම.